ලංකාවේ අපුරු නොදුටු තැන් සොයා ගිය ගමනේ තවත් එක් පියවරක්, කොස්ගොඩ කස්බැවන් සංරක්ෂණ ව්‍යාපෘතිය සිදු කෙරෙන ස්ථානය වෙත අපි තොරතුරු සොයා ගියා. කැස්බෑවන් සංරක්ෂණය සිදු කරන්නේ ඇයි? කොස්ගොඩ වෙරල තීරයේ තිබෙන සුවිශේෂත්වය මොකක්ද? මෙම ව්‍යාපෘතියේ තිබෙන විශේෂත්වය ආදී කාරණා රැසක් අපි විමසුවා. කැස්බෑවන් බිත්තර දැමීම සදහා වෙරළතීරයන් පැමිණෙන අතර මිනිසුන් මෙම බිත්තර ආහාරයට ගැනීම කවුරුත් දන්නා කියන කරුණකි. මෙම හේතුව නිසාම කැස්බෑවන් වඳ වීමේ අවදානමක් පවතී. කැස්බෑවන් විශාල වශයෙන් කොස්ගොඩ වෙරළ තීරය බිත්තර දැමීමට බාවිතා කරයි. එම නිසා මෙම සංරක්ෂණ ව්‍යාපෘතිය සඳහා වඩාත් යෝග්‍ය ස්ථානය වන්නේ කොස්ගොඩ වෙරළ තීරයි. බොහෝ පෞද්ගලික ආයතන මෙය ව්‍යාපාරයක් ලෙස කරගෙන යන නමුත් කොස්ගොඩ ව්‍යාපෘතිය මනා ලෙස අදීක්ෂණයකින් යුතුව කෙරෙන සංරක්ෂණ ව්‍යාපෘතියකි.කැස්බෑවන් නිසි ලෙස සංරක්ෂණය කිරීමට නම් මනා ලෙස විද්‍යාත්මක මාර්ගෝපදේශයක් තිබිය යුතුයි.මේ වන විට කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘති 7 කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාත්මක වේ. කස්බෑවගේ ආයු කාලය වසර සියයකි. මෙහි කළමණාකරු වන ඩඩ්ලි පෙරේරා මහතාගේ අදහස වුයේ හැකි තරම් කාලයක් මෙම සංරක්ෂණය කරගෙන යාමට ඔවුන්ගේ බලාපොරොත්තුව බවයි. උපතින්ම අබාදිත වූ කැස්බෑවන්ද මෙහි සුරක්ෂිත ලෙස සිටින අයුරු දැකබලා ගැනීමට හැකියාව තිබෙනවා.
http://www.kosgodaseaturtle.org/- කළමනාකරු ඩඩ්ලි පෙරේරා මහත්මා |
ArchivesCategories |