පෙකෙණිවැලෙන් ආරම්භ වී අම්මා හා දරුවා අතර පටන් ගන්න බැඳීම මරණයත් මිනි පෙට්ටියත් අතර බැඳීමෙන් අවසන් වනතෙක්ම අප ජීවිත ජීවත් කරවන්නේ විවිධාකාර බැඳීම් බව අප විසින් වටහා ගත යුතුය. මේ බැඳීම්වලට අපට විවිධාකාර නම් ලබාදිය හැකිය.
දරුවකුත් අම්මාත් අතර සබඳතාව තාත්තාත් දරුවාත් අතර සබඳතාව හාත්පසින්ම වෙනස් වන්නේය. මේ ආකාරයෙන් එකිනෙකා අතර ඇති සබඳතා එකිනෙකට වෙනස් වන්නේය. කුඩා දරුවකු කෙමෙන් කෙමෙන් වැඩි වියට පත්වෙත්ම ඔවුන් තුළ විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණයක් ඇති වන අතර එය අස්වාභාවික කරුණක් නොව ස්වාභාවික හා ජෛව විද්‍යාත්මක සංසිද්ධියකි. ඕනෑම අයෙක් ආදර සබඳතාවක් ආරම්භ කරනුයේ ජීවිත කාලය ඒ තැනැත්තා හෝ තැනැතිය සමඟ සිටින අපේක්ෂාවෙනි. බත් පතට හොඳි මාළු බෙදා ගත්ත ද එහි රස අගුණ දැනෙන්නේ ආහාරයට ගත් පසුත් ක-ුස තුළට ගිය පසුත් බව අපි හොඳාකාරවම දනිමු. අම්මා හදන පොල් සම්බෝලයත් කඬේ පොල් සම්බෝලයත් දෙකක්ය. අපි චිත්‍රපටවලට දකිනවාට වඩා සැබෑ ආදරය වෙනස්ය. මල්වතුවල පෙම් කෙළින ජෝඩු දුරකතනවලින් කොතරම් ආදරය කරනවාද රණ්ඩු කරනවාද දන්නේ ඔවුන් පමණය. ආදරය ද එසේය. යමෙක්ට දුටු විගස ආදරයක් ඇති වෙන්නට පුළුවන. තවත් අයෙක්ට කාලයත් සමඟ අනෙක් පාර්ශවය සමඟ ආදරයක් ඇති වන්නට පිළිවන. කාලයත් සමඟ අපි එකිනෙකාගේ අඩු ලුහුඬුකම් හඳුනාගන්නා අතර වරෙක සමාව දෙන තවත් වරෙක කෝපාවිෂ්ඨව ද හැසිරෙනු ඇත. ආදර සබඳතාවක් පවත්වාගෙන යනවුන් එකිනෙකා අඩු පාඩු ඉවසා ගන්නා තාක්කල්ද,අනෙකාගේ වැරැදිවලට කොතරම් සමාව දෙත් ද, තම තමන්ගේ අඩු පාඩු නිවැරැදි කරගැනීමට කොතරම් කාලයක් ගන්නේ ද යන කරුණු මත සබඳතාවයේ ඉරණම රැඳී පවතිනු ඇත. සබඳතාවක් පවත්වාගෙන යෑම හෝ නොයෑම රඳා පවතින්නේ දෙදෙනා අතර පවතින අවබෝධය මතය. එය වෙනත් ලිපියකින් කියනු කැමැත්තෙමි. සබඳතාවක් අවසන් වූ විගස අප සමාජයේ බොහෝ දෙනකු ජීවිතය නසා ගැනීම අනුවණ ක්රියාවේ යෙදෙන්නට උත්සුක වෙති. අප විසින් මුලින්ම අවබෝධ කරගත යුත්තකි. එනම් බැඳීම් ඇතිවනවා මෙන්ම නැතිවනවා යන්නයි. අම්මාගෙන් පෙකෙණි වැලෙන් වෙන්වීම යනුද එකතරා ආකාරයක වෙන් වීමකි. ඕනෑම බැඳීමක් ඇතිවනවා සේම නැතිවන බව ද අප විසින් අවබෝධ කරගත යුතුය. බැඳීමක් නැතිවන තැන එම රික්තය පිරවීමට තවමත් බැඳීමක් ඇතිවන බව අප දෙවැනියට තේරුම්ගත යුතුය.අපේ ජීවිතය එක්තරා නවාතැන් පොළක් සේම අන් අයට ද අපේ ජීවිත තොටුපොළකි. සමහරෙක් අපේ ජීවිතයට පැමිණෙන අතර ජීවිත කාලයට පුරාවටම ඔවුහු අප සමඟ සිටිති. තවත් අයෙක් කාලයකට අපට ළං වී දුරස්ව යයි. එම කොටස ද දෙකකට බෙදා වෙන් කළ හැකිය. එක් කොට්ඨාශයක් අපේ මුළු ජීවිත කාලයටම මතක සටහන් තබා අපෙන් වෙන්ව යති. තවත් කොටසක් අප සමඟ සිටියාද යන්නවත් මතක නොවන තරමටම අපෙන් දුරස්ව යති. මලක් දිනක් අවසානයේ පරව වැටෙයි. බැඳීම්ද එසේය. එක් බැඳීමක් අවසානයේ තවත් බැඳීමක් හටගනී. එකී කාල පරතරය තුළ ජීවිතය පිළිබඳ යථා අවබෝධය ඇති කරගැනීමට හැකි නම් එය අපේ ඉදිරි ජීවිතය සාර්ථක කරගැනීමට හැකිවනු ඇත. වේදනාව අපට බොහෝ පාඩම් උගන්වයි. බැඳීමක් නැතිවීම ආදරණීයන් වෙන්වීම අපට මහත් වේදනාවක් ගෙන දෙයි. යම් විටෙක අපෙන් දුරස් වන්නේ අප සමඟ සිටීමට නුසුදුසු පුද්ගලයන්ය. අප සමඟ ජීවත්වීමට සුදුසු පුද්ගලයන් වන පුද්ගලයන් පවා අපෙන් දුරස්ව යයි. මේ කෙසේ වෙතත් කොතරම් බැඳීම් තිබුණත් අප අපේ ජීවිතය සමඟ ඇති බැඳීම අත් නොහළ යුතුය. මනස, හදවත, රුධිර පද්ධතිය මේ එකිනෙකට බැඳී අප ජීවත් කරවයි. ගහකොළ හා ඇති බැඳීම නිසා අපි හුස්ම ගනිමු. ඒ නිසා අපි කොතරම් අපේ කීවත් අපේ ජීවිතය පිළිබඳ අයිතියක් සොබාදහම සතුය. එම නිසා එක් බැඳීමකින් ජීවිතය අවසාන කර ගත යුතු නැත. එසේ බැඳීමක් අවසන් වූ පමණින් ලොව සියල්ල අවසන් වන්නේ ද නැත. කුඩා කළ අප එකවර ඇවිදින්නේ නැත. දණ ගාමින් වැටී වැටී නැගිටමු. එසේම වැඩිවියට පත්වන වනවිට ඇති වන සිත් රිදීම්, වැටීම්, අසමත් වීම් හමුවේද අප නොසැලී කටයුතු කළ යුතුය. කුඩා ක, දණ ගාමින් වැටි වැටී අපි නැගිට්ටේ වේදනා මධ්‍යයේය.කුඩා ක, එසේ කළා නම් වැඩිවියට පත් වූ අපට එසේ නොකර සිටීමට හේතුවක් නැත.
Cover image from unsplash.com
|
ArchivesCategories |